පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලුම මහජන සේවාවන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ සිය නිලධාරීන් කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට පත්වී ඇති බවත් තවත් පිරිසක් ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ඇති බවත් ය.

ඒ අනුව 2021-08-16 දින සිට ප්‍රධාන කාර්යාලය සහ සියලු පළාත් කාර්යාල නැවත දැනුම්දෙන තුරු මහජනතාව සඳහා විවෘත නොකිරීමට තීරණයකර තිබේ.

නමුත් ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා දින සහ වේලාවන් වෙන්කරවා ගත් සියලුම ඉල්ලුම්කරුවන් සඳහා ජාතික හැඳුනුම්පත් එදින හෝ ඊට පෙර සකස් කර තැපැල් මාර්ගයෙන් යොමුකිරීමට කටයුතු කෙරෙනු ඇත.

ඒ සම්බන්ධ සම්පූර්ණ නිවේදනය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *