සංචරණය නීති පැවති දිනයක කොළඹ තරු පහේ හෝටලයක පැවති සාදයට එක්වීම නිසා නිරෝධායනයට යොමු කෙරුණු පිරිස රැගෙන ගිය බස් රථය නැවත හැරවූ බවට තමාට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.
අද පාර්ලිමේන්තුවේ දී මේ පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, අදාළ පිරිස නිරෝධායනය සඳහා පස්සර නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යන අතර තුර නීතිඥවරයෙක් තමාට දුරකථන ඇමතුමක් ලබාදුන් බවය.