පාසැල් යලි විවෘත කරන දිනය තීරණය කිරීම තව දෙසතියක් ඇතුළත

කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමූ පාසැල් යලි විවෘත කරන දිනය තවත් සතියකින් හෝ දෙකකින් ප්‍රකාශ කිරීමට හැකිවන බව විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටී. ඒ මහතා මේ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පාසල් යලි ඇරඹීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් සමග මේ සම්බන්ධව අද දිනයේදී සාකච්ජා කළ බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා පවසන්නේ මුළු රටම යලි විවෘත කර ඇති ඉදිරි සතියක කාලය තුලදී සමාජයේ හැසිරීම, ප්‍රවාහන කේෂ්ත්‍රය සම්බන්ධයෙන් වන කරුණු ගැන ඉතා හොදින් අධ්‍යනයක නියැලීමට කටයුතු කරන බවයි.

එමෙන්ම උසස් පෙළ සඳහා පෙනී සිටින සිසුන් පළමුව පාසැල් සදහා කැඳවීමට අපේක්ෂා කරන බවයි මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *