පාස්කු මහමොළකරු සහරාන්ට සහය දැක්වු විවාහ රෙජිස්ට්‍රාර්වරයෙක් අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාම් හෂිම්ගේ අන්තවාදී ක්‍රියාවන් සඳහා උපකාර කළ පුද්ගලයෙකු ඔලුවිල් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අනුව ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

2017 වසරේදී කාත්තන්කුඩි, අලිආර් ප්‍රදේශයේදී සහරාම් හෂීම්ගේ මතවාදවලට විරුද්ධව කටයුතු කරන පිරිසක් අතර ගැටුමක් සිදුව ඇති බව සඳහන්ය.

එහිදී සහරාම් හෂිම් එම ප්‍රදේශයෙන් පළාගොස් අදාළ සැකකරුගේ නිවසේ රැඳී සිට ඇති බවට අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

එලෙසෙ අත්අඩංගුවට ගෙන ඇත්තේ 55 හැවිරිදි ඔලුවිල් ප්‍රදේශයේ පදිංචි විවාහ රෙජිස්ට්‍රාර්වරයෙකු බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට මඩකලපුව ත්‍රස්ත ක්‍රියා විමර්ශන අනු ඒකකයේ රඳවාගෙන සිටින බව සඳහන් වේ.

අදාළ සැකකරු කොළඹට රැගෙනවිත් ත්‍රස්තවාදය වැළැක්විමේ පනතේ ප්‍රතිපාදන යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *