LK reports news sinhala

පාස්කු ප්‍රහාරය සඳහා තමා වගකිව යුතු නොමැති බව හිටපු ජනපති කියයි

පාස්කු ඉරුදින ප්‍රහාරය සඳහා තමා වගකිව යුතු නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
බී.බී.සී. සිංහල සේවය සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳ මේ වන විට සිදුකරන විමර්ශනවලදී තොරතුරු අනාවරණය වෙමින් පවතින බව ද හිටපු ජනාධිපතිවරයා එහිදී පවසා සිටියා. ඔහු පෙන්වා දෙන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට තොරතුරු ලැබී තිබුණේ නම් එය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *