පාස්කු ප්‍රහාරය පිළිබඳව මත පළ කරන්නන්ට පොලිස්පති කළ විවෘත ආරාධනය

පාස්කු ප්‍රහාරය සහ ඊට අදාළ සිද්ධි මාලාව පිළිබඳ යම් පුද්ගලයෙකු සතුව තහවුරු කළ හැකි කරුණු පවතී නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස විවෘත ඉල්ලීමක් සිදුකරන බව පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව විශේෂ ප්‍රකාශයක් කරමින් පොලිස්පතිවරයා ඒ බව සඳහන් කළේය.

අදාළ චෝදනා සම්බන්ධයෙන් මේ වනවිට චූදිතයින් 46 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුනි.

“මෙම පාස්කු ප්‍රහාරය හා එයට සම්බන්ධ සිද්ධි මාලාවට අදාළව යම් අදහසක් ප්‍රකාශ කරන පුද්ගලයෙකු සතුව එය තහවුරු කළ හැකි කරුණු තිබෙනවා නම් මෙම සිද්ධිය සම්බන්ධයෙන් නඩු පැවරීමට ප්‍රථම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ එම කරුණු ඉදිරිපත් කරන ලෙසට පොලිස්පති වශයෙන් විවෘත ආරාධනයක් කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *