පාස්කු ප්‍රහාරයෙන් පසු සංචාරක පැමිණීම අඩුවූ හැටි

පසුගිය 2019 වසරේදී ලක්ෂ 20 කට ආසන්න සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එම වසරේදී සංචාරකයින් 1,913,702ක් මෙරටට පැමිණ ඇති අතර එය 2018 වසරට සාපේක්ෂව සියයට 18ක අඩුවීමක් බවද එම අධිකාරිය පවසයි.

2018 වසරේදී සංචාරකයින් 2,333,796ක් මෙරටට පැමිණ ඇත.

පසුගිය අප්‍රේල් 21 වැනිදා එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය සංචාරකයින්ගේ පැමිණිම අඩු වීමට මූලික හේතුවක් වූ බව එම අධිකාරිය පවසා සිටී.

2019 වසරේ පළමු මාස 3 තුළ සංචාරකයින් මෙරටට පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කළ ද අප්‍රේල් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා කාලය තුළ දී සංචාරකයින්ගේ පැමිණිම 2018 වසරට සාපේක්ෂව අවම මට්ටමක පැවතිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *