පාස්කු කොමිසමේ අවසන් වාර්තාවට සිදු වුණේ කුමක්ද යන්න පිළඹදව සොයා බැලීමට තවත් ජනාධිපති කොමිසමක් පත්කළ යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (16) කියා සිටියහ.
උන්වහන්සේ පවසා සිටින්නේ අනාගත දේශපාලනයට වාසි ගන්න බලා සිටින “පල් හොරුන්” කොමිසමේ අවසන් වාර්තාව තුළට රිංගුවේදැයි සැකයක් මතුව ඇති බැවින් ඒ පිළිබඳ සොයා බැලිය යුතු බවයි.
ඥානසාර හිමියන් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා සතුව පමණක් ඇති ලියවිල්ලක තොරුතුරු පිටතට ගියේ කෙසේද යන්න බරපතළ ගැටලූවක් බවත්, පාස්කු කොමිසම වෙත කරත්ත බරට තොරතුරු දුන් තමන් වහන්සේලාව දඩයම් කරන්නට යන්නේ නම් එය ලෙහෙසියෙන් අතහැරීමට සූදානම් නැති බවත්ය. එමෙන්ම මෙම වාර්තාවේ ඇතුළත් තොරතුරු රජය රටට හෙළි කළ යුතු බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසා සිටියහ.
උන්වහන්සේ මේ අදහස් පවසා සිටියේ රාජගිරිය නාවල පාරේ පිහිටි ශී‍්‍ර සද්ධර්මරාජික විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.