අවුරුදු 12ත් 18ත් අතර වයස් කාණ්ඩවල පසුවන පාසල් ළමුන්ට සහ 30 දක්වා වූ තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත ලබාදීම වඩාත් සුදුසු බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කළේය.
“අවුරුදු 12 – 18 කාණ්ඩයට එන්නත් ලබාදීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය අපෙන් ඉල්ලීමක් කළා. ඒ ගැන සලකා බලන්න කියලා. ඒකෙදි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ මොන එන්නත ද ලබාදෙන්න ඕනේ කියන කාරණය පිළිබඳ හොයලා බලලා තීරණයකට එන්න කියලා. බොහෝදුරට ෆයිසර් එන්නත සුදුසුයි කියලා අපිට පේන දෙයක්. මොකද ලෝකයේ රටවල් කිහිපයකම අවුරුදු 12-18 කාණ්ඩයේ දරුවන්ට ඒ එන්නත භාවිත කරන නිසා. එම එන්නත ලබාගන්න දැනටමත් අපි ගිවිසුම් අත්සන් කරලා තියෙනවා ඒ සමාගමත් සමග. ඒ අනුව නුදුරේදීම පාසල් දරුවන්ටත් එන්නත්කරණය ආරම්භ කරන්න පුළුවන් වෙයි.”