පාලකයන් කැමති වුනත් නැති වුනත් සමාජ වෙනස සිදුවීම ඇරඹී ඇතැයි ජාතික ජන බලවේගයේ පත්කළ මන්ත්‍රීනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.
එම සමාජ වෙනසට පාලකයන් හොඳටම බිය වී සිටියත් දැන් ඔවුන් පරක්කු වැඩි බවද අමරසූරිය මෙනවිය කීවාය.
රටේ වත්මන් තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අමතමින් අමරසූරිය මෙනවිය මෙසේද කීවාය.
ආර්ථික අර්බුදය පිටුපස තිබෙන දේශපාලන අර්බුදය අප හරිහැටි තේරුම් ගත්තේ නැතිනම් මෙතෙක් කල් කළ වැරදි නැවත නැවත කරන්න පෙලඹෙන්න පුළුවන්. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මේ මොහොතේ අභියෝග රැසකට මුහුණ දෙමින් සිටිනවා.
අප ජීවත් වන්නේ සමාජ සංයුතීන් සියල්ල අභියෝගයට ලක්වූ කාලයකයි. අද ලොකුම අර්බුදයට ලක්ව ඇත්තේ පුරවැසියා සහ සහ පාලකයා අතර තිබිය යුතු සමාජ සම්මුතියයි.
පාලකයා මොන කැත වැඩේ කලත් පුරවැසියා සමඟ ඇති කරගත් පෞද්ගලික සබඳතාව හරහා දූෂිත ක්‍රියාවලින් වසා ගැනීමට සමාජය ගොඩනඟා තිබෙනවා.
පාලකයන් ගෙනෙන පනත් හරහා ඔවුන් බොහෝ බියට පත්ව ඇති බවක් පෙනෙන්නට තිබෙනවා.
ඔවුන්ගේ භාවිතාවෙන්ද එය පෙනෙන්නට තිබෙනවා .සමාජයේ පුරවැසියන්ගේ ඇතිවී තිබෙන වෙනස මෙන්ම පුරවැසියා බිය නැතිව ප්‍රශ්න කිරීම සඳහා ඉදිරිපත් ඉදිරිපත්වීම පාලකයන් බිය ගැන්වීමට හේතුවක් වී තිබෙනවා.