පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වෙයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වී තිබේ.

වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ශාන්ත නිරිඇල්ල මහතා ඇතුළු 15 දෙනෙකුගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලය මෙලෙස ඉල්ලා අස් වී ඇති බවය.

අමාත්‍යවරයා විසින් සිදුකළ දැනුම්දීමක් අනුව ඔවුන් මෙම පියවර ගෙන ඇති බව සඳහන් ය.

ඒ අනුව නව අධ්‍යක්ෂ මණ්ඩලය සඳුදා දිනයේ පත්කිරීමට නියමිත බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා  විමසීමකදී සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *