ප්‍රාථමික පාසලෙන් විපක්ෂ නායකගේ පරිත්‍යාගය සොරකම් කරයි

මීට දින කිහිපයකට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පරිත්‍යාග කළ ප්‍රාථමික පාසල් කාර්යාලයකින් රුපියල් ලක්ෂයක මුදලක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පසුගිය පෙබරවාරි 23 වැනිදා විපක්ෂ නායකවරයා පුවක්පිටිය දකුණ ප්‍රාථමික විද්‍යාලයට පැමිණි අවස්ථාවේ ‘සක්වල’ වැඩසටහනේ කොටසක් ලෙස මෙම පරිත්‍යාගය සිදු විය.

කිසියම් පිරිසක් කාර්යාලයේ ඉදිරිපස දොර කඩා අල්මාරි සියල්ල කඩා දමා මුදල් සොරාගෙන ගොස් ඇති බවට විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් අවිස්සාවේල්ල පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.

පන්තිකාමර සැකසීමට සිසුන් පාසලට පැමිණි අවස්ථාවේදී කාර්යාලයේ දොර කැඩී ඇති අයුරු දැක තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *