ප්‍රශ්න කිව්වට උත්තර හොයන්න කවුරුවත් නෑ – අමාත්‍ය ශෙහාන්

ප්‍රශ්නය කතා කරන්න ඕන තරම් අය ඉන්න නමුත්  උත්තර හොයන්න කවුරුවත් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ  මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ප්‍රශ්නය කතා කරද්දී විපක්ෂය ඒ ගෞරවය ලබා ගන්නා නමුත් විසඳුම් හොයද්දී ආණ්ඩුවට ඒ ගෞරවය ලබා දෙන්නේ නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

රජය ප්‍රශ්නයට විසඳුම සොයද්දී ජනතාවට ඇතිවන කෙටි කාලීන පීඩනය මතින් විපක්ෂය  වාසියක් ලබාගන්නා බවත් එය දේශපාලන කුහකත්වය බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එක කොටසකට ඇතිවී තිබෙන පීඩනය ගැන පිළිතුරක් හොයනවා වෙනුවට මිලියන 22 ක ජනතාවගේ වගකීම ආණ්ඩුවට තිබෙන බව අමතක කළ යුතු නැතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *