පළාත් දෙකක වාහාන හිමියන්ට

මධ්‍යම පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

කොවිඩ් -19 ව්‍යාප්තිය හේතුවෙන් දැනට උද්ගතවී ඇති තත්ත්වය මත මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව මධ්‍යම පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සහ ප්‍රදේශීය ලේකම් කාර්යාල මගින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2021-08-17 දින සිට 2021-09-14 දින දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

එම කාලසීමාව තුළ කල්ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර සඳහා අලුතින් ආදායම් බලපත්‍ර ලබාගැනීමේදී දඩ මුදල් අය නොකිරීමට ද කටයුතු කරන බව දැනුම්දෙයි.

මේ අතර සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන කාර්යාලය, එම පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ ස්ථාපිතව ඇති ආදායම් බලපත්‍ර නිකුත් කරන අංශයන් 2021-08-16 සිට 2021-09-15 (එදිනද ඇතුළුව) දින දක්වා තාවකාලිකව වසා තබන බව දැනුම් දී තිබේ.

එම අංශ වසා තැබෙන කාලය තුළ කල්ඉකුත් වන ආදායම් බලපත්‍ර සඳහා 2021-10-15 දින දක්වා දඩ මුදල් අය නොකිරීමට කටයුතු කරන බවද දැනුම් දෙයි.

තවද අන්තර්ජාලය මගින් ආදායම් බලපත්‍ර ඉල්ලුම් කිරීමේ පහසුකම් සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන අතර එම බලපත්‍රයේ වලංගු කාලය දින 60ක් දක්වා දීර්ඝ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *