පළමු වරට පාසල් නිවාඩුවේ විශේෂ දුම්රිය සේවා නැහැ: දුම්රිය වෘත්තීය සමිති චෝදනා කරයි

ඉතිහාසයේ පළමු වරට වත්මන් පාසල් නිවාඩු කාලය තුළ විශේෂ දුම්රිය කිසිවක් ධාවනයට යොදවා නොමැති බවත්, නිවාඩු කාලය තුළ සිදුකළ යුතු කටයුතු සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවත් දුම්රිය වෘත්තීය සමිති පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලනය අවිධිමත් තත්ත්වයකට පත්වීමට ඉඩ හැර ඇති බවට චෝදනා කළ ඔවුන්, එම තත්ත්වය හේතුවෙන් දුම්රිය සේවකයන්ට මෙන්ම මගීන්ටද දැඩි දුෂ්කරතාවලට මුහුණදීමට සිදුව ඇති බව සඳහන් කළේය.

මහජනතාව සමඟ සෘජුව කටයුතු කරන ස්ථානාධිපතිවරුන් පරිපාලන දුර්වලතා හේතුවෙන් දැඩි විවේචන හා වාචික අපහාසවලට ලක්වන බවද වෘත්තීය සමිති පෙන්වා දුන්නේය.

තම පාලනයෙන් බැහැර ගැටලු සම්බන්ධයෙන් පවා මගීන්ගේ සහ මහජනතාවගේ අප්‍රසාදයට මුහුණදීමට සිදුවීම හේතුවෙන් ස්ථානාධිපතිවරුන් මත අමතර පීඩනයක් එල්ල වී ඇති බව දුම්රිය සේවකයෝ පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *