පළතුරු වලිනුත් අල්ලස් ගැනීමට ගිය පාර්ලිමේන්තු භෝජනාගාර නිලධාරියා අත්අඩංගුවට

පාර්ලිමේන්තු භෝජනාගාරයට පලතුරු සපයන ව්‍යාපාරිකයකුගෙන් රුපියල් තිස්දහස බැගින් අල්ලස් ගැනීමට ගිය පාර්ලිමේන්තු භෝජනාගාර භාණ්ඩ භාරගැනීමේ නිලධාරියා අල්ලස් කොමිසම විසින් කඩුවෙලදී අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියට අදාළ පැමිණිලිකාර ව්‍යාපාරිකයාට පාර්ලිමේන්තුවේ භෝජනාගාරයට පලතුරු සැපයීමේ ටෙන්ඩරය ලැබී ඇත්තේ මෙම වසරේදී වන අතර, මීට පෙර වසර 12ක්ම වෙනත් ව්‍යාපාරිකයකු විසින් ටෙන්ඩරය ලබාගෙන සිටියා.

නව සැපයුම්කරුට පාර්ලිමේන්තු නිලධාරියා පවසා ඇත්තේ තමාට මාසිකව රුපියල් තිස්දහසක් ලබාදීමට කටයුතු නොකළහොත් පලතුරු ගැනීම ප්‍රතික්ෂේප කර යවන බවයි. ඒ අනුව රුපියල් තිස්දහසක අල්ලසක් මුලින් ලබාගෙන ඇති මෙම පාර්ලිමේන්තු නිලධාරියා ඉන් පසු මාසවලදී එම මුදල නොගෙවීමට ක්‍රියා නොකිරීම හේතුවෙන් ව්‍යාපාරිකයාගේ පලතුරු කිලෝග්‍රෑම් 50-60 අතර ප්‍රමාණ විටින් විට ප්‍රතික්ෂේප කර ඇති බවට වාර්තා වේ. පළතුරු ප්‍රතික්ෂේප නොකිරීමට නම් මාස දෙකක හිඟ මුදල් තමාට ගෙනැවිත් දෙන ලෙස අදාළ නිලධාරියා පැවසූ බවට ව්‍යාපාරිකයා විසින් අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබේ. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *