LK reports news sinhala

පසුගිය සමයේ ජවිපෙ හැසිරුණු හැටි පෙරටුගාමීහු කියති (වීඩියෝ)

පසුගිය වසර හතරක කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණ තම පක්ෂයේ මූලික පරමාර්ථයන්ගෙන් බැහැරව එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවයන් අනුව කටයුතු කළ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක දුමින්ද නාගමුව මහතා පවසයි. ඊයේ(18) කඩවත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

පසුගිය කාලයේ දී පාර්ලිමේන්තුවෙන් නව කම්කරු ධවල පත්‍රිකාව නමින් කම්කරුවන්ට බල පවත්වන පනතක් ගෙන ඒමට උත්සාහ කළ බවත් එමඟින් පැය 8ක වැඩ මුරය අහෝසි වන බවත් ඒ මහතා එහිදී ප්‍රකාශ කළේය.

එසේම වසරකට ඇති නිවාඩු 28 නිවාඩු 9කට අඩු කරන බවත් ඕනෑම වේලාවක සේවයෙන් නෙරපා හැරීමට ද එම පනත මඟින් හැකියාවක් ඇති බවත් නාගමුව මහතා කියා සිටියේය. එසේම ප්‍රති ත්‍රස්ත පනත ගෙන ඒමට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවත් නමුත් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය අහිමි වීම පිළිබඳව අධිකරණයට යාමට ඔවුන් පසුබට වූයේ නැති බවත් ඒ මහතා පැවසීය.

(වීඩියෝ – අද දෙරණ ඇසුරිනි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *