මෙවර ජනපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගේ අධ්‍යාපන මට්ටම් පිළිබඳ පසුගිය සමයේ විශාල කථාබහක් ඇතිවිය. ඇතැම් අපේක්ෂකයන් අධ්‍යාපන මට්ටමින් අඩු බව එම පාර්ශ්වයේ අයගෙන්ම චෝදනා එල්ලවූ බව නොරහසකි. ඒ අනුව මෙවර ප්‍රධාන අපේක්ෂකයන් කිහිප දෙනකුගේ අධ්‍යාපන මට්ටම පිළිබඳ විග්‍රහයක් මෙසේ සිදුකළ හැකිය.
නව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා
1967 ජනවාරි 12වැනිදා උපත ලබා ඇති සජිත් ප්‍රේමදාස මහතා ආචාර්ය උපාධියක් හෝ පශ්චාත් උපාධියක් හිමිකරගෙන නැති අතර බ්‍රිතාන්‍යයේ ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් (ආර්ථික විද්‍යාව) ඇන්ඩ් පොලිටිකල් සයන්ස් (දේශපාලන විද්‍යාව) පිළිබඳ උපාධියක් හිමිකරගෙන ඇත. ඒ අනුව අදාළ උපාධිය ඔහු හිමිකරගෙන ඇත්තේ ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව සහ ජාත්‍යන්තර සබඳතා යන විෂය පථයන්ට අදාළවයි. මේ බව www.sajithpremadasa.lk වෙබ් අඩවියේ දැක්වේ.
නමුත් අදාළ උපාධිය නිසියාකාරව සම්පූර්ණ කර නැතැයි පක්ෂය තුළින්ම චෝදනා එල්ලවිය.
හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකයෙන් ලෙස දේශපාලනයට පිවිසි ඔහු මේ වනවිට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා
1949 ජූනි 20වැනිදා උපන් ගෝඨාභය රාජපක්ෂ මහතා Doctor of Letters (Honoris Causa) කොළඹ විශ්ව විද්‍යාලයෙන් 2009 වසරේදී ලද සම්මානිත ආචාර්ය උපාධියක් සතු අයෙක් වන අතර පශ්චාත් උපාධි දෙකක් ලබාගෙන ඇත. ඒ ඉන්දියාවේ මැඩ්රාස් විශ්ව විද්‍යාලයෙන් 1983 දී ලද ආරක්ෂක අධ්‍යයනය (MSc. in Defense Studies) පිළිබඳ උපාධිය සහ කොළඹ විශ්ව විද්‍යාලයෙන් 1992 දී ලද PGD in information Technology (තොරතුරු තාක්ෂණ) සම්බන්ධ උපාධියයි. මීට අමතරව සිය වෘත්තීය සුදුසුකම් අතර 1971 දී කැඩෙට් නිලධරයකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධවී කැඩෙට් නිලධාරී පාඨමාලාව සම්පූර්ණ කර ඇති තඅර 1972 දෙවැනි ලුතිනන්වරයකු ලෙස අධිකාරිලත් නිලධරයකු ලෙස පත්ව ඇති ගෝඨාභය මහතා ශ්‍රී ලංකාවේ අවුරු 30 පැවැති යුද්ධය අවසන් කිරීමට ආරක්ෂක ලේකම්වරයා ලෙස නායකත්වය ලබාදී ඇත. පෙර හමුදා නිලධරයකු ලෙස යුද්ධයට තම දායකත්වය දෙමින් රණ ශූර පදක්කම (RSP) හා රණ වික්‍රම පදක්කම (RWP) ලබා ඇත.
ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා
1968 නොවැම්බර් 24වැනිදා උපත ලද අනුර කුමාර දිසානායක මහතා ආචාර්ය උපාධියක් ලබා නැති අතර පශ්චාත් උපාධිද ලබා නැත. ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී (BSc.) උපාධියක් ලබා ඇති අතර භෞතික විද්‍යාව සම්බන්ධයෙන් එහිදී අධ්‍යයනය කර ඇත. මේ අතර කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධියක්ද සම්පූර්ණ කර ඇති අනුර කුමාර දිසානායක මහතා පාසල් ශිෂ්‍යයකුව සිටියදී සමාජවාදී ශිෂ්‍ය අංශයේ වැඩ කටයුතු හරහා දේශපාලනයට පිවිසියේය. 1997 දී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක ලෙස පත්වූ ඔහු එම වසරේදීම ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට තේරී පත්විය. ඔහු 2014 වසරේ සිට ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරයි.
ජාතික ජනතා ව්‍යාපාරයේ ජනපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා
1964 ජූනි 22 උපන් මහේෂ් සේනානායක මහතා ආචාර්ය හෝ පශ්චාත් උපාධි ලබානොමැති අතර සිවිල් ඉංජිනේරු අංශයෙන් ඉන්දියාවේ පූනේහි ජවහල්ලාල්නේරු විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබා ඇත. මීට අමතරව ආරක්ෂාව සම්බන්ධයෙන් උපාධියක් හිමි ඒ මහතා එක්සත් ජනපදයේ හමුදා අණදෙන නිලධරයකු ලෙසද කටයුතු කර ඇත. යුද්ධ හමුදා විශේෂ බළකායෙන් බිහිවූ පළමු හමුදාපතිවරයා වන මහේෂ් සේනානායක මහතා නිලධාරී පාඨමාලා අංක 16 (දීර්ඝ කාලීන පාඨමාලා) හදාරා එම පාඨමාලාවේදී අතිශූර කෙඩෙට් නිලධාරී හට හිමි සම්මාන අසිපත දිනාගෙන ඇත. මානුෂීය මෙහෙයුම පැවැති 2006 වසරින් පසු යුද්ධ හමුදා මූලස්ථානයේ සැලසුම් අධ්‍යක්ෂක ලෙස කටයුතු කර ඇති ඔහු ක්‍රියාන්විත රාජකාරින්හි දක්වන ලද දක්ෂතා හේතුවෙන් රණ වික්‍රම හා රණශුර පදකම් ද විශිෂ්ට සේවා විභූෂණ ලබා ඇත. ඔහුගේ නොකැළැල් විශිෂ්ට සේවය ඇගයීම සඳහා උත්තම සේවා පදක්කමින් (USP) ද පිදුම් ලබා ඇත.