පසුගිය මාස නවය තුළ ප්‍රමුඛ පෙළේ රජයේ රෝහල්වලට ඇතුළත් වීමේ සමස්ත ප්‍රමාණය 25%කින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.
“ඊට අමතරව, පසුගිය මාස නවය තුළ බාහිර රෝගී අංශයේ (OPD) ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සංඛ්‍යාව ද 42% කින් ඉහළ ගොස් ඇත,” ඔහු පැවසීය.
“පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබාගැනීමට රෝගීන් දක්වන උනන්දුව අඩුවීම මෙම වැඩිවීමට හේතු විය හැකියි,” ඔහු වැඩිදුරටත් පැවසීය.