පවිත්‍රා වන්නිආරච්චිගේ සැමියාටත් කොවිඩ්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය, වත්මක් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ස්වාමිපුර්ෂයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වී ඇත.

ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති බවට වාර්තා විය.

කාංචන ජයරත්න වන ඔහු සබරගමු පළාත් සභාවේ හිටපු දේශපාලනඥයෙකු වන අතර, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ වත්මන් පෞද්ගලික ලේකම්වරයා වේ.

මේ අතර කොරෝනා ආසාදිත වූ, හිටපු අමාත්‍ය මංගල සමරවීර තවදුරටත් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද වාර්තා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *