රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජංගම රුධිර කදවුරු සංවිධාන කිරීමට නොහැකිවීම හේතුවෙන් සිය සංචිතවල රුධිර හිගයක් මතුව ඇති බව ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්යක්ෂ ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසයි.
ඕනෑම පුද්ගලයෙකුට කලින් වේලාවක් වෙන්කර දිවයින පුරා පිහිටි සිය මධ්‍යස්ථානවලට රුධිරය ලබාදිය හැකි බව ඔහු සදහන් කළේය.
සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද යටතේ රුධිර ලබා ගන්නා බැවින් ඒ සදහා සිය දායකත්වය ලබාදෙන ලෙස ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්යක්ෂ වයි.ලක්ෂ්මන් එදිරිසිංහ ජනාවගෙන් ඉල්ලීමක්ද කළේය.