නෞකාව ආපදාවට ලක්වූ මුහුදු ප්‍රදේශයේ මත්ස්‍යයින්ගේ සිරුරුවල අහිතකර ද්‍රව්‍ය අඩංගු බවට මෙතෙක් පරීක්ෂණ වලදී තහවුරු වී නිමැති බව වාර්තා වේ

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආපදාවට ලක්වූ මුහුදු ප්‍රදේශයේ මත්ස්‍යයින්ගේ සිරුරුවල අහිතකර ද්‍රව්‍ය අඩංගු බවට මෙතෙක් සිදු කළ පරීක්ෂණවලදී තහවුරු වී නොමැති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත පවසයි..
කෙසේවෙතත් අදාල මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු තහනම් කර ඇති බැවින් පරිභෝජනයට සුදුසු නොවන මාලු වෙළදපොලට නිකුත් වීමේ අවධානමක් නොමැති බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.
සංචරණ සීමා පැවතිය ද ජංගම රථ මගින් මාලු බෙදා හැරීම අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මේ අතර සාගර විද්‍යාඥයින් පැවසුවේ නෞකාවේ බලපෑම හේතුවෙන් මෙරට මත්ස්‍ය සම්පතට හා වෙරළ ඇතුළු සාගර කලාපයට දීර්ඝ කාලීනව සිදුවිය හැකි බලපෑම් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *