නුවරඑළියේ පෝනියෙකුට පහරදීමේ සිද්ධියක්: තරුණයෙකු අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් මගින් අනාවරණය වූ නුවරඑළියේ පෝනියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නුවරඑළිය පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

1907 අංක 13 දරන සතුන්ට හිංසා කිරීම වැළැක්වීමේ ආඥා පනත සහ දණ්ඩ නීති සංග්‍රහයේ 411 සහ 412 වගන්ති යටතේ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු අ නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *