නීති විරෝධීව එකලස් කළ ප්‍රාඩෝ රථයක් භාවිත කිරීමේ වරදට කඩුවෙල නගරසභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවේ

නීතිවිරෝධි ලෙස එකලස් කර කරන ලද ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථයක් භාවිත කිරීම සම්බන්ධයෙන් කඩුවෙල නගරසභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, අදාළ ජීප් රථය මෝටර් රථ ප්‍රවහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැති බවය.

එමෙන්ම එම ප්‍රාඩෝ රථය අංක තහඩුවක් යොදාගනිමින් වසර පහක පමණ කාලයක් තිස්සේ සැකකරු භාවිත කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අත්අඩංගුවට ගෙන ඇති 46 හැවිරිදි සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *