කොවිඩ් 19 ආසාදනයවීම නිසා හා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වීම නිසා ස්වයං නිරෝධානයට යොමු කර ඇති නිවෙස්වල අලවා ඇති “නිරෝධානය වන නිවෙසකි” යන දැන්වීම සෞඛ්‍ය බලධාරීන් ඉවත් කරන තෙක් අදාළ නිවෙස් වල සිටින කිසිවකුට එම නිවෙස්වලින් බැහැර යෑම සම්පූර්ණයෙන්ම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියි.
නිරෝධායනයට යොමු කර සිටින පිරිස් එම නිවෙස් වලින් බැහැරට පැමිණෙන බවට පොලිසිය වෙත තොරතුරු ලැබී ඇති බවත් එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නිරෝධායන නීතිය යටතේ ඔවුන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.