නිවසක් සෝදීසී කිරීමේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 129ක් සොයා ගැනේ

කොළඹ, කොළොන්නාව ප්‍රදේශයේ නිවසක දී විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ සෝදිසියක දී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 129ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, අත්අඩංගුවට ගත් පුද්ගලයා 37 හැවිරිදි දෙමටගොඩ, වෙළුවන පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවය.

අදාළ සැකකරු සමඟ කේරළ ගංජා තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත වැඩිදුර පරීක්ෂාවට ලබාදී තිබේ.

මේ අතර විශේෂ කාර්ය බළකා සෙබළුන් විසින් සුරියවැව ප්‍රදේශයේ ගංජා හේනක් වටලා ගංජා පැල 3,000ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සමඟ ගංජා පැල තොගය සෙවණගල පොලීසිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇඹිලිපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *