නිරෝධායන රීතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගත වු පැය 24 තුළ පුද්ගලයින් 277 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මුහුණු ආවරණ නොපැලඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
ඒ අනුව පසුගිය ඔක්තෝබර් 30 වන දින සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 54,889 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම මෙහෙයුම් තවදුරටත් දිවයින පුරා අඛණ්ඩව සිදුකෙරෙන බව ද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර බස්නාහිර පළාත තුළ මාර්ග බාධක 12ක් ස්ථාපිත කර තිබේ.
එමෙන්ම මාර්ග බාධක හරහා ගමන් කිරීමට පැමිණ නියමිත අවසර නොමැතිවීම හේතුවෙන් ආපසු හරවා යවන ලද වාහන ගණන 330ක් බව පොලිස් මුලස්ථානය පවසයි.
එමෙන්ම පුද්ගලයින් 635ක් ද එලෙස අවසර නොමැතිවීමෙන් ආපසු හරවා යවා තිබේ.