ගතවු පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 254ක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨසාය සඳහන් කළේ, ඒ අනුව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් මුළු පිරිස 55,656ක් වන බවය.
මේ අතර බස්නාහිර පළාත තුළ ස්ථාපිත කර ඇති මාර්ග බාධක 12ක දී බස්නාහිරින් පළාතෙන් පිටවු වාහන 888ක් හා පුද්ගලයින් 1,450ක් පරීක්ෂාවට ලක්කර තිබේ.
ඒ අනුව තවත් වාහන 915ක් හා පුද්ගලයින් 1,684ක් බස්නාහිර පළාතට ඇතුළුවීමේ දී පරීක්ෂාවට ලක්කර ඇත.
එහිදී වාහන 166ක් හා පුද්ගලයින් 352ක් අවසර නොමැතිවීම හේතුවෙන් ආපසු හරවා යවා තිබේ.