නිකිණි පොහොය අදයි

ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම ඇතුළු මෙරට ආගමික වතාවත් රැසක් සිදු වූ සිංහල නිකිණි මස පුර පසළොස්වක පොහොය දිනය අද (30) යි.

ගෞතම බුදුරදුන්ගේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන් අපවත් වූයේ නිකිණි පුර පසළොස්වක පොහොය දිනක වන අතර සේරුවිල මංගල චෛත්‍යයේ ඉදිකිරීම් ආරම්භ වූයේ අද වැනි නිකිණි පුර පසළොස්වක පොහොය දිනයකදීය.

පෙරවස් පුර පසළොස්වක පොහෝ දින පෙරවස් සමාදන් වීමට නොහැකි වූ උපසම්පදාව හෙවත් ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේ ශාසන නීති රීතිවලට අනුව මෙම පොහොය දිනට පසුවස් සමාදන් වෙති.

බෞද්ධ ජනතාවගේ සිත් පහන් කළ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වල් අලින්ගෙන් ආරක්‍ෂා කිරීමට අනුරාධපුර පුරාණ බෞද්ධයෝ දර මිටි රැගෙන ගියේ නිකිණි පුර පසළොස්වක පොහොය දිනකදීය. මේ නිසා නිකිණි පොහොය ‘දරමිටි පොහොය’ ලෙසද හැඳින්වේ.

එමෙන්ම මහනුවර ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහර මෙවර පොහොය දිනයේදී මහනුවර මාර්ගවල ගමන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *