වරකාපොල, දොරවක, ගනේගම ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවෙක් විසින් මවකට හා ඇගේ දියණියට වෙඩි තබා ඇති බව වරකාපොල පොලීසිය පවසයි. වෙඩි තැබීමෙන් අවුරුදු 22ක් වන දියණිය ජීවිතක්ෂයට පත්ව ඇති අතර බරපතල තුවාල ලැබූ මව වරකාපොල රෝහලට ඇතුළත් කර තිබේ. අද උදෑසන 5.30ට පමණ සිදු වු මෙම වෙඩි තැබිමට හේතුව ප්‍රේමසම්බන්ධයක් විය හැකි බව පොලිසිය සැක පළකරයි. සැකකරු අත්අඩංගුවට ගැනිමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
2020-01-14