සමෘද්ධිමත් සහ ශක්තිමත් රටක් ගොඩ නැඟීමට ගෝඨාභයට සහය දෙනවා

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව වෙනස් කර අලුත් පාර්ලිමේන්තුවක් ලබා දිය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූයේ ජනාධිපතිවරයාට කෙතරම් බලතල තිබුණද ජනතාවට සේවය කිරීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බවත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් නොමැති නම් ජනාධිපතිවරයෙකුට කොතරම් බලතල තිබුණත් වැඩ කළ නොහැකි බවත්ය. ජනාධිපතිට අවශ්‍ය තරම් බලතල ඇති නිසා ඕනෑම දෙයක් කළ හැකි යැයි සිතන්නේ නොදැනුවත් කම නිසා බවත්, ජනාධිපතිරයෙකුට වැඩ කිරීමට තමන්ට එකඟ වෙන බහුතරයක් අවශ්‍ය බවත් කියා සිටියේය. එබැවින් සමෘද්ධිමත් රටක් ඇති කර ශක්තිමත් රටක් ගොඩ නැඟීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දීමට තමා තීරණය කළ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *