නව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ඉන්දීය අගමැති මෝදිගෙන් ලිපියක්…

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් ලිපියක් යවා තිබේ.

ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රකෘතිය සඳහා ඉන්දියාව අඛණ්ඩව සහාය දක්වන බව අගමැති මෝදි යළි අවධාරණය කළේය.

ජනතාවගේ අන්‍යෝන්‍ය ප්‍රයෝජනය සඳහා ජනාධිපති වික්‍රමසිංහ මහතා සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *