නව වැඩි කළ බස් ගාස්තු

පසුගියදා සිදුවූ ඉන්ධන මිල සංශෝධනයෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සේවා කිහිපයක ගාස්තු ඉහළ දමා තිබේ.

බහාලුම් ප්‍රවාහන ගාස්තු 5%කින් ඉහළ දමන බව බහාලුම් ප්‍රවාහනකරුවන්ගේ සංගමය නිවේදනය කරයි.

අද (සැප් 01) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල වැඩි කිරීම ක්‍රියාත්මක වන බව එම සංගමය වැඩිදුරටත් පැවසීය.

මේ අතර, හෙට (සැප් 02) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 4.01% කින් ඉහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කළේය.

කෙසේ වෙතත් අවම ගාස්තුව නොවෙනස්ව පවතින බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *