නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු.

ශ්‍රී ලංකා යුද හමුදාවේ වත්මන් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු බදාදා (8) සිට ක්‍රියාත්මක වන පරිදි නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කර ඇත.

මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු මහතා අද දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ අතින් 60 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්වීම් ලිපිය ලබා ගත්තේය.

2021 දෙසැම්බර් 12 වන දින ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා ලෙස වැඩ භාර ගැනීමට පෙර යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයා ලෙස කටයුතු කර ඇති ඔහු, යුද හමුදාවේ ප්‍රධාන පත්වීම් රැසක් ද දරා ඇත. ඔහු ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තුවේ කර්නල්වරයා ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *