නඩු කටයුතු සදහා “ටෙලි ප්‍රසන්ස්” තාක්‍ෂණය යොදා ගැනීමේ අවදානය

බන්ධනාගාර සහ උසාවි අතර නඩු කටයුතු පැවැත්වීම ‘ටෙලි ප්‍රසන්ස්’ තාක්‍ෂණය හරහා සිදුකිරීමේ හැකියාව පිළිබද අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය විසින් සොයා බැලේ.

බන්ධනාගාරගත කර ඇති රැදවියන්ගෙන් දිනකට 400 කට ආසන්න ප්‍රමාණයක් කෙටිකාලින සහ සුළු වැරදි සදහා උසාවි වලට ඉදිරිපත් කරන අතර, උසාවි වල තදබදය වැඩිවීමට මෙයද බලපා ඇති බවත්, මීට අමතරව කොරෝනා වසංගතයෙන් ද රැදවියන් ආරක්ෂා කරගැනීමට පිලියමක් ලෙසටත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමග සම්බන්ධවී Tele Presence 4K, HD Video තාක්ෂණය මගින් බන්ධනාගාර සහ උසාවි අතර නඩු කටයුතු පවත්වා ගැනීම පිළිබද සාකච්ජාවක් ඊයේ දිනයේදී (29) පැවැත්වුනි.

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී පැවැත්වුණු එම සාකච්ඡාවට අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ අමාත්‍යාංශ ලේකම් හා සෙසු නිලධාරීන්ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *