දෙමළ ජනතාව කළු ජූලිය සමරයි.

අසුතුන වර්ෂයේදි රට තුල හටගත් කළු ජූලීය තුලදි මිය ගිය හා විවිධ ප්‍රිඩාවන්ට පත් ද්‍රවිඩ ජනතාව සිහි කිරිමට හා එම කළු ජුලීය තුලදි ද්‍රවිඩ ජනතාව බේරා ගැනිමට හා ආරක්ෂා කිරිමට පියවර ගත් සිංහල ජනතාවට ස්තුතිය පුද කිරිම සදහා සමරු වැඩ සටහනක් 31වන දින හැටන් සී.ඩබ්ලිව්.එෆ්. ශාලාවේදි පවත්වන ලදි.

හැටන් මිතුරු සංසදය නමින්වු සංවිධානයක් විසින් මෙම වැඩ සටහන සංවිධානය කර තිබු අතර මෙහිදි අදහස් දැක්වු සමාජ ක්‍රියාකාරිකයකු වන ජිවාරාජන් මහතා පවසන ලද්දේ 83 වර්ෂයේ හට ගත් කළු ජුලීය තුලදි ද්‍රවිඩ ජාතිකයන්ට සිදුවු විවිධ තාඩන පීඩන පිලිබදව විවිධ අය කතා කලද එහිදි එම ද්‍රවිඩ පිරිස් බේරා ගත් හා ආරක්ෂා කල සිංහල ජනතාව පිලිබදව කතා නොකිරිම කුහක කමක් බවත්ය.

එම කාලය තුලදි සමහර සිංහල පිරිස් ද්‍රවිඩ අයට හිරි හැර කලා සේම බහුතර සිංහල පිරිසක් ද්‍රවිඩ අය බේරා ගෙන ඔවුන්ට ආරක්ෂාව සැපයිම සදහා කටයුතු කල බවත් එම පිරිසට ස්තුතිය පුදකල යුතු බවද පවසන ලදි.

මෙහිදි අදහස් දැක්වු තවත් සමාජ ක්‍රියාකාරියකු වන එස්.සෙල්වරාජ් මහතා කළු ජුලියට වසර 39කයට පසුව කතා කරන්න ප්‍රධාන හේතුව තමයි එම කාලය තුලදි ද්‍රවිඩ ජනතාව බේරා ගැනිමට හා එම අයට ආරක්ෂාව සැපයිමට ඉදිරිපත්වු සිංහල හා ජනතාවට ස්තුතිය පුද කිරිම.

එම කළු ජුලීයේදි හැටන් නගරයේ ව්‍යාපාරිකයකුද ඝාතනයට ලක් කලත් ඒ පිලිබදව පොලගිසියේ හෝ සටහන් නොවිම කනගාටුවට කරුණක් මෙම කළු ජුලීයේදි ද්‍රවිඩ ජනතාව මරා දැම්මේ එම අයට විවිධ හිරි හැර කලේ ඉතා සුලු සිංහල පිරිසක් එහෙත් එම කාලයේදි මේ රටේ විශාල සිංහල පිරිසක් මේ ද්‍රවිඩ ජනතාව බේරා ගැනිමටත් ඔවුන්ට ආරක්ෂාව ලබා දිමටත් පියවර ගත්තා.

එම නිසා මේ කළු ජුලිය ගැන කතා කරන විට ද්‍රවිඩ අයට සිදුවු හානි පිලිබදව මෙන්ම ද්‍රවිඩ ජනතාවට ආරක්ෂාව සැපයු උදවු උපකාර කල සිංහල ජනතාව ගැනත් කුහක නොවි කතා කල යුතුයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *