රාජකාරි හැඳුනුම්පත හෝ අදාළ ලියකියවිලි නොමැති පුද්ගලයින්ට අන්තර් පළාත් දුම්රිය සේවාවන් භාවිත කිරිමේ හැකියාවක් නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ, මේ වන විට රාජකාරි සඳහා පිටත්ව යන පුද්ගලයින් වෙනුවෙන් ක්‍රියාත්මක දුම්රිය ගමන්වාර සංඛ්‍යාව ඉහළ නංවා ඇති බවය.
මේ පිළිබඳ අදහස් දැක්වු ධම්මික ජයසුන්දර මහතා,
“මින් ඉදිරියට දුම්රිය ස්ථානයට පැමිණෙන විට රජය විසින් ලබාදී ඇති උපදෙස් අනුව, ගමන් කිරීමට අවසර ලත් අය සඳහා පමණක් දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව ලබාදෙන අතර, ඒ සඳහා පරීක්ෂා කිරීමට රාජකාරි හැඳුනුම්පත හෝ අනෙකුත් ලියකියවිලි ඉදිරිපත් කළ යුතු බව දන්වා සිටිමි.”
එහිදී දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලයට සහ ආරක්ෂක අංශයට එයට අදාළ ලියකියවිලි ඕනෑම වේලාවක පරීක්ෂා කර නිසි පියවර ගන්නා ලෙස උපදෙස් දී ඇතැයි ද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේය.
එමෙන්ම දුම්රිය ස්ථානයට ඉක්මනින් පැමිණ අදාළ දුම්රිය තෝරාගෙන තදබදයකින් තොරව තමන්ගේ ගමනාන්තය දක්වා ගමන්ගන්නා බවත්, මේ වන විට දුම්රිය මැදිරි වැඩි කිරීමට කටයුතු යොදා ඇති බවත් ඔහු පැවසීය.