දින 119ක් රෝහල්ගතව සිටි සුරේෂ් සලේ ප්‍රතිකාර අවසන් කර යළි CID භාරයට

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා දින 119ක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව අඟහරුවාදා පස්වරුවේ රෝහලෙන් පිටතට රැගෙන ගොස් තිබේ.

සලේ මහතා ප්‍රතිකාර අවසන් කර රෝහලෙන් පිටවීමට සුදුසු සෞඛ්‍ය තත්ත්වයක සිටින බව රෝහලේ වෛද්‍යවරුන් 10 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

ඒ අනුව, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දී ඇත්තේ සලේ මහතා අඟහරුවාදා පස්වරුවේ යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගැනීමට කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *