දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (09) දිනයේදී මෙරටින් වාර්තා වූ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.
ඒ අනුව ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් -19 ආසාදිතයින් 976ක් වාර්තා වී ඇති අතර එම ආසාදිතයින් ගෙන් 971ක් දෙනෙකු පෑලියගොඩ පොකුරටත්, 4 දෙනෙකු බන්ධනාගාර පොකුටත් සම්බන්ධ ආසාධිතයින් වේ. තවද කුවේට් සිට පැමිණි පුද්ගලයෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවත් කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.
මේ අතර ඊයේ දිනය වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 71,211ක් වන අතර, සුවය ලබා ඇති සංඛ්‍යාව 65,053ක් වනවා. මේ වනවිට රෝහල් ගතව සිටින කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5,788ක් බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.
ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 05ක් වාර්තා වූ අතර ඒ සමග මෙරට තුල වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 370ක් දක්වා ඉහළ ගොස් තිබේ.