දකුණු පළාතේ වාහන හිමියන්ට දැනුම්දීමක්

පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් දකුණු පළාත මගින් ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා දමා තිබේ.

එළැඹෙන 16 වනදා සිට සැප්තැම්බර් මස 15වන දින දක්වා මෙලෙස දකුණු පළාත මගින් ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා දමා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙන්ම දකුණු පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ ස්ථාපිතව ඇති ආදායම් බලපත්‍ර නිකුත් කරන අංශයන් මෙලෙස වසා දැමෙනු ඇත.

කෙසේවෙතත් බලපත්‍ර නිකුත් කිරීමේ දී වසා තැබෙන කාලය තුළ කල් ඉකුත්වූ  ආදායම් බලපත්‍ර සඳහා කිසිදු දඩ මුදලක් අය නොකිරීමට ද තීරණය කර තිබේ.

එමෙන්ම අන්තර්ජාලය මගින් ආදායම් බලපත්‍ර ඉල්ලුම් කිරීමේ පහසුකම සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන අතර එලෙස ඉල්ලුම් කරනු ලබන ආදායම් බලපත්‍ර සඳහා ලබා ගනු ලබන තාවකාලික ආදායම් බලපත්‍රවල වලංගු කාලය දින 60ක් දක්වා දීර්ඝ වන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර දැනට පවතින තත්ත්වය යටතේ රියදුරු බලපත්‍ර අලුත් කරගැනීම සඳහා ඉක්මන් නොවන ලෙසද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *