තුන්වේල කන්න පුලුවන් තත්වයක් ඇතිකළ හැක්කේ එජාපයට පමණයි – රනිල්

ආර්ථික පිරිහීමෙන් රට ගොඩගැනීමේ හැකියාව සහ ජනතාවට තුන්වේල කන්න පුළුවන් ත්තවයක් ඇති කළ හැක්කේ එකසත් ජාතික පක්ෂයට පමණක් බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසූවේ ඊයේ (30) කොළඹ බාන්ස් පෙදෙසේ පැවති ජනහමුවකට එක්වෙමිනි.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

“රට බේරගන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට විතරයි. පොහොට්ටුවට අපි දුන්නානේ මාස 8ක්, මොකක්ද කරලා තියෙන්නේ? කිසිම විසඳුමක් හොයාගෙන නෑ. එක්සත් ජාතික පක්ෂය විතරයි හැම ඡන්දයටම ඉදිරිපත්වෙලා තියෙන්නේ. 15 වතාවක්ම හැම පාර්ලිමේන්තුවේම ඉන්නවා. මේ 16 වැනි වතාව,“ යැයි මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *