ත්‍රිකුණාමලයේ ස්ථාපනය කර ඇති තෙල් ටැංකි සමූහය ශී‍්‍ර ලංකාවට නැවත ලබාදීමට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බැග්ලේ එකඟ වූ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ පසුගියදා ප්‍රකාශ කර සිටියත්, අදාළ තෙල් ටැංකි නැවත ශී‍්‍ර ලංකාවට පවරන බවට එකඟවීමක් සිදු නොවූ බව ඉන්දීය රජය පවසා සිටියි. කෙසේ වෙතත් ඉන්දීය රජය පවසන්නේ මේ තෙල් ටැංකි සමූහය ගැන තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බවයි.
2015 වසරේ මැයි මස ද ශී‍්‍ර ලංකා රජය මෙම තෙල් ටැංකි ලබා ගැනීමට දැරූ උත්සාහය ව්‍යාර්ථ විය. 2003 වසරේදී එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ රජය විසින් මෙම තෙල් ටැංකි ඉන්දීය අයි. ඕ. සී. සමාගමට පැවරීමේ ගිවිසුමක් අත්සන් කරනු ලැබීය.