තැපැල් දෙපාර්තමේන්තුවේ අලාභය අවම කර ගනිමින්, නව ක්‍රමවේදයක් සකස් කර ගැනීම උදෙසා තැපැල් ගාස්තු සංශෝධනය කිරීමට යෝජනා ඉදිරිපත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ සාමාන්‍ය ලිපියක් සඳහා මුද්දර ගාස්තුව රුපියල් පහළොවක් වන නමුත් ඒ සඳහා දෙපාර්තමේන්තුවට රුපියල් විසි දෙකයි ශත හැත්තෑ පහක් වැය වන බවත්, ශීඝ්‍රගාමී තැපැල් සේවාව සඳහා දෙපාර්තමේන්තුව රුපියල් පනහක් වැනි අඩු මුදලක් අය කරන බවත්ය.
තැපැල් සේවාවේ අනෙකුත් ගාස්තු ද ඉතාම අවම මට්ටමක පවතින බවත් මෙම තත්ත්වය මත දෙපාර්තමේන්තුව දිගින් දිගට ම අලාභ ලබමින් තිබීම නොවැළැක්විය හැකි බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.