හෙරොයින් කිලෝ 45ක් සමග හමුදා සාමාජිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

අද දින උදෑසන හොරණ ප්‍රදේශයේ දී සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 45ක් සමග යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට තිබේ. ඒ පානදුර විශේෂ විමර්ශන පොලිස් ඒකකයට ලැබුණු තොරතුරක් මත සිදු කළ මෙහෙයුමකදීයි. ඔවුන් ගමන් කරමින් සිට ඇත්තේ යුධ හමුදාව විසින් කුලී පදනම මත ලබාගත් වාහනයක වන අතර එම වාහනයද පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති හමුදා සාමාජිකයින් දෙදෙනාගෙන් අයෙකු මීට මාස කිහිපයකට පෙර හමුදා සේවයෙන් පැන ගොස් සිටිය අයෙකු බවත්, අනෙක් සාමාජිකයා මේ වන විටත් හමුදා සේවයේ යෙදී සිටින අයෙක් බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නෙවිල් ප්‍රේමරත්න මහතා සඳහන් කරයි.

මෙම හමුදා සාමාජිකයින් දෙදෙනාට එරෙහිව උපරිම අයුරින් නිතිය ක්‍රියාත්මක කරන ලෙස යුද හමුදාපතිවරයා අදාළ විමර්ශන බලධාරීන්ට දැනුම් දී ඇති බවද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *