Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ත්‍රීරෝද රථයකට ගිනි ඇවිලී එහි සිටි අයෙක් මිය යයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ත්‍රීරෝද රථයකට ඊයේ දහවල් කාලයේදී හදිසියේ ගිනි ඇවිලීමෙන් එහි සිටි පුද්ගලයෙකු පිළිස්සී ජීවිතක්ෂයට පත්වී තිබේ.

එම අනතුර සිදුවී තිබුණේ මහව පොලිස් වසමේ ගල්ලෑව, කොන්වැව ප්‍රදේශයේ දීය.

පොලීසිය සඳහන් කළේ මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කොන්වැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 73ක අයෙකු බවය.

සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

ඔබේ අදහස