කොරෝනා

ත්‍රස්තවාදයෙන් රට මුදා ගත්තා වගේම මත් උවදුරින්ද රට බේරා දෙනවා – ජනපති කියයි

ත්‍රස්තවාදයෙන් රට මුදා ගත්තා සේම මත් උවදුරින්ද රට බේරා දෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ ඊයේ (22) කිරිබත්ගොඩදී සංවිධානය කර තිබූ හමුවක් අමතමින්.

මත් උවදුරෙන් තොර රටක් අනාගත දරු පරපුරට දායාද කරන බවට එහිදී සහතික වූ ජනාධිපතිවරයා, විවිධ උපක්‍රම ඔස්සේ රට තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒම හා බෙදා හැරීම නතර කිරීමට මේ වනවිට පියවර රැසක් ගෙන තිබෙන බවද ප්‍රකාශ කළේය. මෙවර මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමට ඊයේ (22) ගම්පහ දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වූ ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කිරිබත්ගොඩ පොදු වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිට සංවිධාන කර තිබූ ජන හමුවකට එක් වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *