පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති වීරසිංහ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
වීරසිංහ මහතා සිය ඉල්ලා අස්වීම භාරදී ඇත්තේ ජනාධිපති කාර්යාලයෙන් නිකුත් කළ නියෝගයකට අනුවය.
කීර්ති වීරසිංහ මහතා සිය ඉල්ලා අස්වීම වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වෙත භාරදී ඇති බව වාර්තා වේ.
මීට පෙර පොල් කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ද සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූයේ ඔහුගේ පුත්‍රයා පහරදීමේ සිද්ධියකට සම්බන්ධ බවට අත්අඩංගුවට ගැනීම හේතුවෙන්.
රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබුණේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන තුරු තමන් ඉල්ලා අස්වන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා ඇතුළු 6 දෙනෙකු ඇප මත මුදා හැර තිබෙනවා.