ශ්‍රී ලංකා රේගුවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් බර කිලෝ 1 ග්‍රෑම් 500කට හා රුපියල් මිලියන 13කට ආසන්න වටිනාකමින් යුත් රත්‍රං තොගයක්, කටුනායක ගුවන්තොටුපළේ සඟවා තිබිය දී සොයාගෙන ඇත. එම පාර්සල් ගුවන්තොටුපළේ වැසිකිළියක් අසලදී සොයාගෙන ඇති අතර, මීට පෙර ද රන් බිස්කට් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පිළිබදව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී මෙම රත්‍රන් තොගය සොයා ගැනීමට හැකි වූ බව රේගුව වැඩි දුරටත් පවසා සිටී.
2021-04-05