එ ලබාදෙන ලෙස තලෙයිබාන් සංවිධානය ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ තලෙයිබාන් සංවිධානය පත් කළ නව රජයේ විදේශ අමාත්‍යවරයා විසින් එම ඉල්ලීම කර ඇති බවය.
පසුගිය මාසයේදී තලෙයිබාන් සංවිධානය විසින් බලයෙන් පහ කරන ලද ඇෆ්ගනිස්තාන රජයේ තානාපතිවරයා ද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට මීට පෙර අවස්ථාවක් ඉල්ලා ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම සමුළුවේදී ඇෆ්ගනිස්තානය නියෝජනය කරන්නේ කවුරුන්දැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තවමත් තීරණය කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රටවල් රැසක නායකයින් මෙවර සමුළුව ඇමතීමට නියමිතව ඇත්තේ වීඩියෝ තාක්ෂණය ඔස්සේයි.