තමාටත් බිරිඳටත් රෝගය වැළදුනේ එන්නත ප්‍රතික්ෂේප කිරීම නිසා බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි

තමාටත් බිරිඳටත් කොවිඩ් වෛරසය ආසාදනය වීමට එක් හේතුවක් වුයේ, කොවිඩ් එන්නත ප්‍රතික්ෂේප කිරීම බව විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා සහ ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය සුවය ලබා අද පෙරවරුවේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත ගොස් සංඝරත්නයේ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව විපක්ෂනායකවරයා මාධ්‍යයට මේ බව කියාසිටියේය.

තමා එන්නත ලබාගැනීමට පෙර රටේ ජනතාවට එන්නත ලබාදිය යුතුයි යන ප්‍රතිපත්තියේ සිට එවැන්නක් සිදුකළ බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *